Wednesday, 13 January 2016

කෙස් දෙක තුන

මම කැප් එක ගැලෙව්වොත්
මගේ තට්ටෙත් ඔබේ මෙන් කැතට
පෙනේ යැයි බයට
ඔබේ නිදහස් කෙස් දෙක තුනට
ලතැවෙමින් ඉරිසියා කරමි

ලැජ්ජාව

මම අසුනකය
මහළු ඔහු බිම ඉඳගෙනය
මම පිනට ලැජ්ජය

Tuesday, 12 January 2016

රස්සාව

මගේ ඒකාකාරී
නීරස රස්සාවේ
පඩි වැඩී

මාළුවන්

මාළුවන්
පිහිනති නිදහසේ
ටැංකියේ

Wednesday, 6 January 2016

හිම

හිම ගල් වෙලා
සීතලට
දිය වේවි කවදහරි
ගල් වගේ නොව

උදෑසන

නිදිබරිත ඇස්
හිරිවැටුන දත්
උදෑසන

Monday, 21 January 2013

නව x ( ස්ත්‍රීවාදය, පුරුෂවාදය, නිදහස, ගෞරවය, ආගම, etc, ...) = ??


ප්‍ර : ඇයි සුදූ ඔයාගෙ අක්කට හස්බන්ඩ් අයිය බුදු පිලිමයක්වත් තියාගන්න දෙන්නෙ නෙත්තෙ, ඒ අයිය වෙන ආගමක උනාට අක්කට ආගම අදහන්නවත් දෙන්නෙ නැද්ද??

පි : දන්න දෙයක් කතා කරන්න අනේ...ඒ අයිය මාරම හොන්දයි..අපේ අක්කගෙ රෙදි හෝදන්නෙත් ඒ අයිය....