Sunday 29 July 2018

උගෙ ආච්චිට හාල් ගරන්ඩ

හිමිජ්ජෙක් එනවලු
කොහෙවත් සිට
මගෙ ඔලුව කන්න
පිලිවෙලට
ජීවිතය අවුල් කරගන්න
මට ඉඩක් නැති වෙන්න

ළතැවෙමි

ළතැවෙමි
අදහසක් නැතිව
ලියන්නට

Tuesday 19 January 2016

නිර්භීත පත්‍රය

තව ටිකයි ඉතුරු ශීත ඍතුවට
එතෙක් ඉවසා එල්ලී සිටින්න
නිර්භීත ශාක පත්‍රය

පලි ගැනීම

ප්‍රේමයට වැට බැන්ද
මා පියට සේ
පලි ගනී ඔබ මගේ
ප්‍රිය විදුරුමස
ගැලෙව්වේ දත
ඔබේ සෙත පතා මිස
නපුරකට නොව
මෙපමන රිදවන්න

Friday 15 January 2016

හේතුව

එෆ්.බී එකේ දිගින් දිගට
දිගින් දිගට පහලට ගිය
හේතුව මතක නැත

Wednesday 13 January 2016

ඉවසීමේ පාරමිතාව

උබේ පඩ ගඳට
සීට් එකට පිලිවනිනම්
ඇයි මට බැරි
ඉවසීමේ පාරමිතාව පුරන්න

කෙස් දෙක තුන

මම කැප් එක ගැලෙව්වොත්
මගේ තට්ටෙත් ඔබේ මෙන් කැතට
පෙනේ යැයි බයට
ඔබේ නිදහස් කෙස් දෙක තුනට
ලතැවෙමින් ඉරිසියා කරමි